ළදරුවන් රෝගී කරන්නේ වැඩිහිටියන්මයි

ජනවාරි 18, 2019

උපතින් අපේ ජීවිතය නව වසරක හිස් පිටු සහිත දින පොතක් වාගෙයි. මාපියන් දෝතට තුරුලු කර ගන්නා දරු පැටියාගේ කය මනස හැඩ ගැසෙන්නේ මාපියන් දරුවා හදන වඩන ආකාරය අනුවය.

දරුවකු උපදින විට කුසගින්න දැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු වන්නේ නැත. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දැනුවත් කිරීමට පෙර සිටම ආයුර්වේදයෙන් ද අනිවාර්යයෙන්ම මාස හයක් සහ දෙවසරක් දරුවාට මවු කිරි දෙන ලෙසට උපදෙස් දෙන්නේ ඒ නිසාය. දරුවකුගේ ආහාර රටාවට පදනම වැටෙන්නේ මාපියන් දරුවාගේ කුසගින්න ඇති කරන ආකාරය අනුවය. මාපියයන් වැරැදි ආහාර රටා දරුවාට හඳුන්වා දීමෙන් සිදු වන්නේ ඔහු / ඇය මතු අනාගතයේ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදීමය. ආහාරවලට අසාත්මිකතා ඇතිවීම, ඩයරියා, පලු දැමීම, උදරයේ අන්ත්‍රවල වාතය පිරී දැඩි වේදනාවක් දැනීම ඒ අතරින් කිහිපයක් පමණි.

මාපියන් දරුවන්ගේ රුචියට මුල්තැන දුන් විට සිදු වන්නේ වැරැදි ආහාර පිළිවෙතකට පුරුදුවීමයි.

මවු කිරි දෙන කාලයේ සිටම මවකට දරුවාගේ උදර පෝෂණය පිළිබඳ වගකීම පැවරෙයි. කිරි දෙන කාලයේදී මව ගන්නා ආහාර පාන රටාව නිවැරැදි නොවුණොත් එය ද දරුවාට බලපායි. දරුවාගේ පළමු වසර පහට විශේෂයෙන්ම මාපියන් යොමු කරන ආහාර රටාව බලපායි.

කිරි දෙන විට මවක ගන්නා ඝන ආහාර වැඩි ප්‍රමාණයක් පැය 36 කදී කිරි බවට පත් වෙයි. දියර වර්ග නම් පැය දොළහකදී කිරි බවට පත් වෙයි. සත්ව ආහාර නම් කිරි බවට පත්වීමට ගතවන කාලය පැය 48 - 60 ක් තරම් දීර්ඝ වෙයි. මවක කිරි දෙන කාලයේදී කලට වේලාවට ආහාර ගත යුත්තේ ඇයගේ වැරැදි ආහාර පිළිවෙත්වල වන්දිය සිඟිත්තාට ගෙවන්නට සිදුවන නිසාය. මව ප්‍රමාද වී ආහාර ගත් විට අහිතකර ආහාර ගත් විට එය දරුවාට බලපායි.

ඉන්දීය ආයුර්වේද උපදෙස් ඇසුරිනි චම්පිකා දීපානි රණසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.