2025.02.06 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 5, 2025

 

ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - දහවල් 01.53 - 03.21

සුබ දිශාව - උතුර

 

මේෂ

පැවැති කරදරකාරී බව මඟහැරී යයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

වෘෂභ

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ. ගතට සිතට විනෝදය ඇති කරන දිනයකි.

මිථුන

සිනාමුසු මුහුණින් දවස ගත කරයි. ප්‍රසිද්ධියට පත්වන කරුණු කීපයක් ඇති කරයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ.

කටක

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පැරැණි පෙම්සබඳතාවයක් අලුත්වන දිනයකි. දුරදිග බලා කටයුතු සිදුකරන්න.

සිංහ

නැති වූ දෙයක් නැවත හිමිකරයි. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වගකීම් බහුල දිනයකි. ඇවිදිලි වැඩිකරයි.

කන්‍යා

අලුත් බලාපොරොත්තු ඇති කරයි. වරින් වර ඇතිකරන සෙම් අමාරුවකින් පීඩා අත් කරයි. කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු දිනයකි.

තුලා

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගන්නා බවක් පෙනේ. අමතර ලැබීම සහිත දිනයකි.

වෘශ්චික

ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාර හිමිකරයි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. වගකීම් බහුල දිනයකි.

ධනු

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. එහෙත් එදිනෙදා කටයුතු අධික කරයි. නියමිත වේලාවට කෑම බීම පවා නොලැබීයාමට ඉඩ ඇත.

මකර

තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. යොදාගත් සැලසුමකට බාධා ඇති කරයි.

කුම්භ

ආදරය අනුකම්පාව ලබන දිනයකි. නිතර අලංකාරයට සිටීම වෙහෙසෙන බවක් පෙනේ. වැයපස අධික කරන කටයුතු කීපයක් යෙදේ.

මීන

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. නිතර විසිතුරු දේ මිලදී ගැනීමකට කැමැත්තක් දක්වයි. පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.