වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
2025/02/02 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව පෙ.ව. 06.29
ඉර බැසීම ප.ව. 06.19
රාහු කාලය සවස 04.50 - 06.18
සුබ දිශාව - දකුණ
මේෂ
ප්‍රසන්න පෙනුමකින් සිත්ගන්නා සුළු ඉරියව්වලින් කටයුතු කරන දිනයකි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. ඉවසීමෙන් කටයුතු සිදු කරන දිනයකි.
වෘෂභ
අන් අයගේ ආදරය අනුකම්පාව හිමිකරයි. වෙනදාට වඩා උනන්දුවෙන්, උත්සාහයෙන් කටයුතු සිදු කරයි. දුරගමනක් යෙදෙන දිිනයකි.
මිථුන
පවුලේ අයගෙන් දුරස්ව කටයුතු සිදු කරන බවක් පෙනේ. වෙහෙසකාරි කටයුතු කීපයක් යෙදෙන දිනයකි. විශේෂ හිතවත්කමකට කටයුතු උදා කරයි.
කටක
අතමිට මුදල් ගැවසෙන දිනයකි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ කල්පනාකාරි වන්න. පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.
සිංහ
බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ. එහෙත් අමතර මුදල් වැයවිමක් සිදුවීමට ඉඩ ඇත. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.
කන්‍යා
දියුණුව සම්බන්ධ කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වෙයි. නිතර පොතපත කියවීමට රුචිකත්වයක් දක්වයි. කලාකාමී කටයුතුවලට යොමුවන දිනයකි.
තුලා
පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. නිතර තම රූපාලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි.
වෘශ්චික
ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතුª උදාකරන බවක් පෙනේ. සෙම් රෝග බහුල දිනයකි.
ධනු
හදිසි ගමන් යෙදේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.
මකර
අලුත් දැනහැඳුණුම්කම්වලට හේතු සැලසෙන දිනයකි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ශාරීරික වෙහෙසීීම් බහුල කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.
කුම්භ
වගකීමෙන් කටයුතු කරගෙන යන බවක පෙනේ්. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
මීන
අවිවේකී බව මඟහැරී යයි. අලුත් දේ ඉගෙනීමට කටයුතුª උදා කරයි.. වෙනදාට වඩා යන යන ගමන් ගැන සැලකිලිමත්වන්න.