වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2025/01/09 බ්රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව පෙ.ව. 06.25
ඉර බැසීම ප. ව. 06.10
රාහු කාලය දහවල් 01.45 - 03.13
සුබදිශාව - නැඟෙනහිර
මේෂ
ගතට සිතට සැපත සතුට උදා කරයි. පැවැති අවහිරතා කීපයක් මඟහැරී යන බවක් පෙනේ. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට අවස්ථා උදා කරයි.
වෘෂභ
හදිසි ගණුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. තීරණ ගැනීමේදී දුරදිිග සිතා බලන්න.
මිථුන
ශාස්ත්රීය කටයුතු පිළිබඳ වැඩි ඇල්මක් දක්වයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන දිනයකි. හිතවතුන්ගෙන් උපකාර හිමි කරයි.
කටක
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.
සිංහ
බලාපොරොත්තුවක් ඉටු කරයි. හදිසි ගණුදෙනුවකට අතගැසීමට සිදු වෙයි. පවුලේ භෝජන සංග්රහයකට කටයුතු සූදානමක් ඇති කරයි.
කන්යා
වගකීම් බහුල කරයි. නැතිවූ දෙයක් නැවත හිමිවීමට ඉඩ ඇත. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.
තුලා
විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසේ. ණය ගණුදෙනුවකින් නිදහස්වීමට කරුණු සැලසේ. මිහිරි ආහාරපාන කෑමට හිමිවන දිනයකි.
වෘශ්චික
අමතර ලැබීම් සහිත දිනයකි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.
ධනු
පැවැති අවිවේකී බව මඟහැරී යයි. උගත් දෙයින් ප්රයෝජන ලබාගත හැකි දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.
මකර
නොසිතූ ගැටලුවකට මුහුණපායි. ඉදිරි දියුණුවට පියවර කීපයක් ගන්නා බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන දිනයකි.
කුම්භ
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි.
මීන
යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. හදිසි තීරණයක් සාර්ථක කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතුª සැලසේ. යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න.