වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
2025/01/07 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව පෙ.ව. 06.24
ඉර බැසීම ප.ව. 06.09
රාහු කාලය සවස 03.12 - 04.40
සුබදිශාව - උතුර
මේෂ
විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන දිනයකි.
වෘෂභ
පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.
මිථුන
වගකීම් බහුල කරයි. ලිපිලේඛන ගැටලුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.
කටක
ගතට, සිතට චංචලකාරි බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිළිමත් වන්න. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන දිනයකි.
සිංහ
උත්සාහවන්තව කටයුතු සිදුකරයි. විශේෂ හිතවත්කම්වලට කටයුතු උදා කරයි. හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.
කන්යා
ලිපිලේඛන ගැටලුවකට මුහුණපායි. රැකියාවේ වගකීම් වැඩිවීමට ඉඩ ඇත. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුකරන දිිනයකි.
තුලා
වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. යන එන තැන කැපී පෙනෙන දිනයකි. වගකීමකින් නිදහස සැලසේ.
වෘශ්චික
හදිසි තීරණයක් සාර්ථක කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති ගැටලුකාරී බවකින් නිදහස අත් කරයි.
ධනු
ලැබීම් අතින් යහපත් කරයි. එහෙත් නොසිතූ ලෙස වැයපස අධික කරන බවක් පෙනේ. නිතර පිනට දහමට ළැදි දිනයකි.
මකර
ඉවසිලිවන්ත කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. අලුත් දේ මිලදී ගැනීමකට හේතු යෙදේ.
කුම්භ
ගැටලුකාරි බවකින් නිදහස උදා කරයි. පවුලේ් දියුණුවට හේතු යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
මීන
පැවැති අඩුපාඩු කීපයක් මඟහරවා ගැනීමට හේතු යෙදේ. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත්වන්න. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.