2025.01.05 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 5, 2025

 

ඉර උදාව - පෙ.ව. 06.24
ඉර බැසීම - ප.ව. 06.08
රාහු කාලය - සවස 04.40 - 06.08
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ උත්සවයකට වෙහෙසෙන දිනයකි.

වෘෂභ

අමතර ලැබීම් හිමිකරයි. බාහිර අලංකාරයට කැමැති දිනයකි. විනෝදයෙන් කටයුතු කිරීමට කැමැති බවක් පෙනේ.

මිථුන

වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කටක

පවුලේ දියුණුවට කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

සිංහ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි.

කන්‍යා

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. ආගම දහමට ළැදි දිනයකි.

තුලා

නිතර විසිතුරු දේට ඇල්මක් දක්වයි. බාහිර අලංකාරයට කැමැති දිනයකි. පැරැණි හිතවතකුගේ හමුවීමක් සිදුකරයි.

වෘශ්චික

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දරුවකුගේ ඉදිරි දියුණුවට පියවර කීපයක් ගන්නා දිනයකි.

ධනු

හදිසි ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. පවුලේ වැඩිහිටියකුට උපස්ථාන කිරීමට අවස්ථාව උදා කරයි. ලැබීම් සහිත දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. හිතවත්කම් අලුත් කරන බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

කුම්භ

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. ගතට සිතට සැප සතුට උදාකරන දිනයකි.

මීන

සැලසුම් කීපයක් සාර්ථක කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි. විවේකය අඩුකරන කටයුතු කීපයක් යෙදේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.