2025.01.04 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 4, 2025

 

ඉර උදාව - පෙ.ව. 06.23
ඉර බැසීම - ප.ව. 06.07
රාහු කාලය - උදේ 09.19 - 10.47
සුබ දිශාව - උතුර

 

මේෂ

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. යොදාගත් සැළසුම් කීපයක් ප්‍රමාද කරන බවක් පෙනේ. නොගැළපෙන ඇසුරකට යොමුවීමට ඉඩ ඇත.

වෘෂභ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. හදිසි ගනුදෙනුවකට යොමුවීමට ඉඩ ඇත. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

මිථුන

නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. පවුලේ කෙනකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. වෙහෙස ඇති ගමනක් යෙදෙන බවක් පෙනේ. වියදම් බහුල දිනයකි.

සිංහ

ඇවිදිලි වැඩි කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. අවිවේකී දිනයකි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

කන්‍යා

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

තුලා

නිතර විනෝදයෙන් කටයුතු සිදු කරයි. දියුණුවට පැවැති බාධා මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි. උත්සාහයෙන් කටයුතු සිදුකරන්න.

වෘශ්චික

හදිසි තීරණයක් වෙනස්කිරීමට සිදුවේ. ආගමික භක්තිය දනවන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිවන දිනයකි.

ධනු

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර පතයි. වගකීම් බහුල දිනයකි.

මකර

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න. පවුලේ ගැටලුවක් දුරදිගයාමට ඉඩ ඇත.

කුම්භ

හිස පපුව ආශි‍්‍රත ආබාධ වරින් වර මතුවීමට ඉඩ ඇත. විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි.

මීන

පැවැති ගැටලුකාරී බව මඟහැරී යයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.