2024.12.09 සඳුදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 9, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.11
ඉර බැසීම - ප.ව. 05.55
රාහු කාලය - උදේ 07.39 - 09.07
සුබ දිශාව - උතුර

 

මේෂ

පැවැති ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. අඹුසැමි සුහදතාවයට හේතු ඇති කරන දිනයකි.

වෘෂභ

පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. දරුවකුගේ ඉදිරි දියුණුවකට සැලසුමක් ඇති කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. සෙම් රෝගයකින් පීඩා අත්කරන බවක් පෙනේ.

මිථුන

අන් අයගෙන් ගරු සැලකිලි ලබන බවක් පෙනේ. වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. හිතවත්කම් අලුත් කරන දිනයකි.

කටක

ප්‍රසිද්ධියට හේතු ඇති කරයි. අමතර ලැබීම් සහිත කාලයකි. කරදර බාධා මඟහැරී යන බවක් පෙනේ. ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි.

සිංහ

ප්‍රසන්න පෙනුමකින් යුතු බවක් පෙනේ. අන් අයගේ සිත් දිනා ගනී. දූදරු සමගියට කටයුතු උදා කරයි. සැහැල්ලුවෙන් දවස ගත කරයි.

කන්‍යා

බාහිර අලංකාරයට කැමැති කාලයකි. දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමට හේතු යෙදේ. උගත් අයගේ අසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.

තුලා

දුර බැහැර ගමනක් යෙදීමට ඉඩ ඇත. පැරැණි දේවලට කැමැත්තක් දක්වයි. අවිවේකී ලෙස දවස උදා කරයි.

වෘශ්චික

තම වාසියට කටයුතු සිදුකරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. විනෝදයෙන් ජීවත්වීමට කැමැති දිනයකි.

ධනු

ගුණයහපත් අය ඇසුරට ලැබේ. කරදරබාධාවලට ඔරොත්තුදීමේ ශක්තිය ඇති කරයි. ඉගෙනීමේ කටයුතුවල උනන්දුවක් දක්වන දිනයකි.

මකර

ප්‍රසන්න පෙනුමකින් යුක්තයි. වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. ධාර්මික කටයුතුවලට යොමුවන කාලයකි.

කුම්භ

ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. අන් අයගේ සිත් දිනාගෙන කටයුතු සිදුකරයි. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි.

මීන

පවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගන්නා දිනයකි. ස්ත්‍රී පක්ෂයේ අය සමඟ වැඩි ඇසුරක් ඇති කරයි. ගැටලුකාරී බවකින් නිදහස සැලසේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.