2024.12.01 ඉරිදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 1, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.07
ඉර බැසීම - ප.ව. 05.52
රාහු කාලය - සවස 04.23 - 05.52
සුබ දිශාව - දකුණ

 

මේෂ

වගකීම් බහුල කරයි. ගේ දොර කටයුතුවල වෙනසක් සිදුකරන දිනයකි. නිතර නිවෙසින් බැහැරව කටයුතු සිදු කරයි. අවිවේකී ලෙස කටයුතු සිදු කරයි.

වෘෂභ

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. සිත් අමනාපයක් දුරදිග යා හැකිය. පිරිසුදුකමට අලංකාරයට කැමැතියි. මිහිරි ආහාරපාන කෑම හිමිවන දිනයකි.

මිථුන

විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන දිනයකි.

කටක

ගතට සිතට සැනසිල්ල උදා කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. ලැබීම් සහිත දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.

සිංහ

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වගකීම් බහුල දිනයකි. අමතර වියදම් යෙදෙන බවක් පෙනේ.

කන්‍යා

විනෝදයට කැමැති දිනයකි. බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. හිතවතුන් සමඟ දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.

තුලා

ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

වෘශ්චික

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.

ධනු

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.

මකර

නිතර නිතර අදහස් වෙනස් කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. නින්ද යාම අඩුකම, පීනස වැනි රෝගාබාධයන්ට බලපෑමට ඉඩ තිබේ.

කුම්භ

සිත් අමනාපයක් දුරදිග යා හැකි බවක් පෙනේ. පැවැති අපල සහගත බවක් මඟහැරී යයි. දුරදිග බලා කටයුතු සිදුකරන දිනයකි.

මීන

සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකියි. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.