2024.11.08 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 8, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - උදේ 10.25 - 11.55
සුබ දිශාව - දකුණ

 

මේෂ

තැන තැන ඇවිදිලි ඇති කරයි. නිතර ගතට සිතට වෙහෙස මහන්සිය ගෙනදෙන කටයුතු කීපයක් සිදු කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

වෘෂභ

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ ළඟම ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

මිථුන

වගකීම් බහුල කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපාන දිනයකි. ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදු කරයි.

කටක

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. සෙම් දෝෂ, පපුවේ දැවිලි ගතිය ආදියෙන් පීඩා අත් කරන දිනයකි.

සිංහ

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

කන්‍යා

ලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ. හිසේ ආබාධ, උදරගත ආබාධ මතුවිය හැකි දිනයකි. වගකීමෙන් කටයුතු සිදු කරන්න.

තුලා

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. හදිසි ගනුදෙනුවකින් පාඩු සිදු කරයි. දේපළ ගැටලුවකට මුහුණ දෙන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා ගතසිත වෙහෙසා කරන කටයුතු අධික වන දිනයකි. සුළු සුළු ආදායම් මාර්ග යෙදේ.

ධනු

සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අමතර ගමන් බහුල දිනයකි.

මකර

හිතුමතයට කටයුතු කීපයක් සිදු කරයි. ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. හිතවතෙකුගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇති බවක් පෙනේ.

කුම්භ

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

මීන

වගකීම් බහුල කරයි. වියදම් අධිකවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සෙම් අමාරු හිසේ ආබාධ ආදියෙන් පීඩා අත් කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.