2024/10/25 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 25, 2024

2024/10/25 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

 

ඉර උදාව පෙ.ව. 05.57
ඉර බැසීම ප.ව. 05.52
රාහුකාලය උදේ 10.25 -11.55
සුබදිශාව - උතුර

 

මේෂ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදු වේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. තැන තැන ඇවිදිලි ඇතිකරන දිනයකි.

වෘෂභ

පවුලේ සුහදතාවයට කරුණු ඇති කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට සැලසෙන දිනයකි.

මිථුන

විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. අමතර ලැබීම් සහිත දිනයකි.

කටක

ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ.

සිංහ

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කන්‍යා

සමාජසේවා කටයුතු කෙරෙහි යොමුවන බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. නින්දයාම අඩුකම, පීනස වැනි රෝගාබාධ හිසට පපුවට බලපාන දිනයකි.

තුලා

තම රූපාලංකාරය ගැන වෙහෙසෙන දිනයකි. ශාස්ත්‍රීය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත.

වෘශ්චික

අලුත් හිතවත්කම්වලට අවස්ථාව සැලසෙන දිනයකි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. හදිස්සියේ ඇතිවන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

ධනු

පැවැති අසනීපකාරි බව මඟහැරී යන බවක් පෙනේ. ළඟම හිතවතෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. වැයපස අධික කරන දිනයකි.

මකර

සමාජයෙන් පැසසුම් ලබන දිනයකි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. විශේෂ ගමනකට සැලසුමක් ඇතිකර ගන්නා දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. නව ආදායම් මාර්ග හිමිකරන බවක් පෙනේ. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇතිකරයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා ඇති කරන දිනයකි.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පුණ්‍ය කටයුතු කෙරෙහි යොමුවන දිනයකි. ලේ විෂවීමක් හෝ චර්මගත ආබාධයකින් පීඩා අත් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.