2024.10.22 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 22, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.53
රාහු කාලය - දහවල් 02.54 - 04.24
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

වෘෂභ

දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව සැලසේ වගකීම් බහුල දිනයකි.

මිථුන

සෙම් රෝගයක් හේතුවෙන් පීඩා විඳින දිනයකි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාද කරයි. අමතකවීම් හේතුවෙන් පාඩුවිඳීමට සිදුවෙයි.

කටක

පියපස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. නියමිත වේලාවට කෑම බීම ගැනීම පවා ප්‍රමාද කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

සිංහ

අමතර ලැබීම් සහිත දිනයකි. අසල්වැසි සුහදතාවයට බාධා ඇති කරයි. ඇවිදිලි වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි.

කන්‍යා

පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

තුලා

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. අලුත් දේ මිලදී ගැනීමට හැකිවන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි. පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි.

ධනු

පැවැති ගැටලුකාරී බවක් මඟහැරී යයි. එහෙත් උත්සාහයෙන් කටයුතු කළයුතු දවසකි. සහෝදර බැඳීම් වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

මකර

යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු දිනයකි. නොසිතු පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි.

කුම්භ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. කලකින් නොදුටු හිතවතකු හමුවීමට අවස්ථාව උදා කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

මීන

නොතේරුම්කමින් ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.