2024.10.13 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 13, 2024
ඉර උදාව - පෙ.ව. 05.57 
ඉර බැසීම - ප.ව. 05.56 
රාහු කාලය - සවස 04.26 - 05.56
සුබ දිශාව - දකුණ 
 
මේෂ
විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. පවුලේ අයගේ උපකාර හිමිවීමෙන් ගැටලු කීපයක් නිරවුල් කර ගනී. සිතේ සතුටින් ගත කරන දිනයකි. 
 
වෘෂභ 
විශේෂ ගමනකට කටයුතු සැලසේ. පැවැති උදාසීන ගති මඟහැරී යයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. 
 
මිථුන 
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට සිතන දිනයකි. 
 
කටක 
සැනසිලිදායක ලෙස දවස ගෙවයි. අඹුසැමි සුහදතාවය ගෙන දෙන දිනයකි. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. 
 
සිංහ 
නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අවිවේකී දිනයකි. 
 
කන්‍යා 
අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට හේතු ඇති කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සහජ දක්ෂතා ඉස්මතුවන දිනයකි. 
 
තුලා 
බාහිර අලංකාරයට වෙහෙසෙයි. උදරාබාධ, සෙම් රෝග බහුල කරයි. සතුරු කරදරයකින් නිදහස සැලසෙන දිනයකි. 
 
වෘශ්චික 
ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි. සහජ දක්ෂතා ඉස්මතු බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරයි. 
 
ධනු 
ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. තම වාසියට කටයුතු කීපයක් සිදු කර ගනී. 
 
මකර 
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් පිළිබඳ වෙහෙසෙයි. අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි. 
 
කුම්භ 
දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලැබීම් සහිත දිනයකි. 
 
මීන 
වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.