2024.10.08 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 8, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 05.59
රාහු කාලය - දවල් 02.58 - 04.29
සුබ දිශාව - උතුර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවන ලකුණු පෙනේ. වගකීම් බහුල දිනයකි.

වෘෂභ

පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. පැරැණි ගනුදෙනුවකින් වාසි සැලසෙන බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

මිථුන

පැවැති ගැටලුකාරී බවකින් නිදහස සැලසේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

කටක

හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සොයා බලන්න. ශාරීරික වෙහෙසීම් බහුල කරයි.

සිංහ

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. ගනුදෙනුවකින් වාසි සැලසෙන දිනයකි.

කන්‍යා

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා සිතේ පී‍්‍රතියෙන් කටයුතු කරන දිනයකි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

තුලා

ශාරීරික සුවය ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

වෘශ්චික

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්නුම් කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

ධනු

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. වගකීම් බහුල කරයි.

මකර

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකවන බවක් පෙන්නුම් කරයි. හදිසි තීරණයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

කුම්භ

සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. ලාබ ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ.

මීන

වගකීම් බහුල දිනයකි. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.