2024.07.06 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 6, 2024

 

ඉර උදාව - පෙ.ව. 6.00
ඉර බැසීම - ප.ව. 6.30
රාහු කාලය - උදේ 09.07 - 10.41
සුබ දිශාව - උතුර

 

මේෂ

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. ගේ දොර අලංකාරයට වෙහෙසෙන බවක් පෙනේ. වැයපස අධික කරන දිනයකි.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.

මිථුන

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

කටක

නිතර නිතර අදහස් වෙනස් කරන ගතිපැවැතුම් ඇති කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. හිතවත් අයකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

සිංහ

පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

කන්‍යා

තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇත් කර ගනී. වගකීම් බහුල දිනයකි.

තුලා

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ කෙනෙකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

වෘශ්චික

ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති බවක් පෙනේ.

ධනු

ලැබීම් අතින් යහපත් කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ.

මකර

නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා ගෙන දෙන දිනයකි.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදා කරයි.

මීන

අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙන්වයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.