2024.04.09 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 9, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - සවස 03.15 - 04.47
සුබ දිශාව - උතුර

 

මේෂ

වගකීම් බහුල කරමින් දවස උදා කරයි. වෙනදා වඩා ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව සැලසේ. පවුලේ වැඩිහිටියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. හදිසි ගමනකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. දේපළ උරුමයක් පිළිබඳ ගැටලුවකට මුහුණපායි.

කටක

වගකීම් බහුල කරමින් දවස උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසේ. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට සිදුවෙයි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කන්‍යා

යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු දිනයකි. ශාරිරික වෙහෙස ඇති කරන කටයුතු කීපයක් යෙදේ. දුර ගමනකට කටයුතු යෙදෙන බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස අත් කරයි.

තුලා

වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

වෘශ්චික

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් අත් කරයි. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න.

ධනු

අවිවාහකයන්ට යහපත් බවක් පෙන්නුම් කරයි. පවුලේ සතුට සමාදානයට හේතු ඇති කරයි. වෙනදාට වඩා අලංකාරයට පිරිසුදුව සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

මකර

ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන දිනයකි. යෝජනා ස්ථිරවීමක් කල් දැමීමට සිදුවේ. වරින් වර ඇතිකරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට කටයුතු උදා කරයි. අලුත් ආදායම් මාර්ගයකට කටයුතු උදා කරන බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වන කරුණු කීපයක් ඇති කරන දිනයකි.

මීන

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් මාර්ග හිමි කරයි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව සැලසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.