2024.04.06 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 5, 2024

ඉර උදාව - පෙ.ව. 06.06
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - උදේ 09.09 - 10.41
සුබ දිශාව - දකුණ

මේෂ

වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් වන බවක් පෙන්නුම් කරයි. පවුලේ සමගියට කරුණු සැලසෙන දිනයකි.

වෘෂභ

ඥාති මිත්‍රාදීන් අතර සුහදතාවයට කරුණු ඇති කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. හිතුමතයට කටයුතු සිදු කරන දිනයකි.

මිථුන

පියපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. හදිසියේ ඇතිවන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

කටක

සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. නිතර අලංකාරයට සිටීමට කරුණු ඇති කරයි. සුළු සුළු ආබාධවලට තුඩුදෙන අන්දමේ කරුණු සිදුකරයි. සෙම් පීඩාවකින් පීඩා අත් කරන දිනයකි.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථකර ගැනීමට අවස්ථාව සැලසේ. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කන්‍යා

යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු දිනයකි. ශාරීරික වෙහෙස ඇති කරන කටයුතු කීපයක් යෙදේ. දුරගමනකට කටයුතු යෙදෙන බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස අත් කරයි.

තුලා

වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

වෘශ්චික

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් අත් කරයි. ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන්න.

ධනු

අවිවාහකයන්ට යහපත් බවක් පෙන්නුම් කරයි. පවුලේ සතුට සමාදානයට හේතු ඇති කරයි. වෙනදාට වඩා අලංකාරයට මෙන්ම පිරිසුදුව සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

මකර

ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන දිනයකි. යෝජනා ස්ථිරවීමක් කල් දැමීමට සිදුවේ. වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අලුත් ආදායම් මාර්ගයකට කටයුතු උදා කරන බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වන කරුණු කීපයක් ඇති කරන දිනයකි.

මීන

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් මාර්ග හිමි කරයි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.