2024.04.02 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 2, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.08
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - සවස 03.17 - 04.49
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අමතර ලැබීම් අතින් යහපත් දිනයක් වන අතර, පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

වෘෂභ

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

මිථුන

ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි. නොසිතූ ආරාවුලකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ.

කටක

සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. අසල්වැසි සුහදතාවයට හේතු ඇති කරන බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

සිංහ

විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

කන්‍යා

අමතර වගකීම් බහුල කරයි. දේපළ ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. විශ්වාසයෙන් කටයුතු සිදු කරන දිනයකි.

තුලා

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අමතර වෙහෙසීම් බහුල කරන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් පැන නැඟේ. පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. සෙම් රෝග බහුල දිනයකි.

ධනු

විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදු කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් සිදුකරන දිනයකි.

මකර

ශාරීරික වෙහෙස මහන්සියට හේතු ඇති කරයි. පවුලේ කෙනකු සමඟ සිත් අමනාපකමක් ඇති කර ගනී. අමතර වියදම් බහුල කරන දිනයකි.

කුම්භ

අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි පෙම් සබඳතාවයකට කටයුතු ඇති කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.