2024.03.13 බදාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 13, 2024


 

ඉර උදාව - පෙ.ව. 06.18
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - දහවල් 12.20 - 01.51
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

සිතේ නොසන්සුන්තාවයකින් කරුණු සිදුකරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන දිනයකි.

වෘෂභ

ලැබීම් අතින් යහපත් කරයි. නොගැළපෙන ඇසුරකට මැදිවීමට ඉඩ ඇත. පිනට දහමට වැඩි කාලයක් වැය කරන දිනයකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් යෙදේ.

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනේ. අමනාප වූ කෙනකු සමඟ හිතවත්වීමට කරුණු ඇති කරයි. ලැබීම් අතින් යහපත් වන බවක් පෙනේ.

කටක

අවිවේකී ලෙස දවස ආරම්භ කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කරුණු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.

සිංහ

ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. නිතර කේන්ති යන බවක්ද පෙන්නුම් කරයි.

කන්‍යා

හදිසි දේපල ලැබීමකට හිමිකම් ඇති කරයි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ.

තුලා

නිතර විසිතුරු දේ පිළිබඳ ඇල්මක් දක්වන බවක් පෙනේ. වාහන ගමන් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

වෘශ්චික

මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වරින් වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

ධනු

පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට පත්වන බවක් පෙනේ. නොගැලපෙන ඇසුරකට කටයුතු උදාකරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි.

මකර

ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. වියදම් අධිකවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී දිනයකි.

කුම්භ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. මෙතෙක් අවහිර ගෙනදුන් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇත. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.