2024.03.11 සඳුදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 11, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.19
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - උදේ 07.49 - 09.20
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. උදරගත ආබාධයකින් පීඩා අත් කරන දිනයකි.

වෘෂභ

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. උදාසීන ලෙස කටයුතු කීපයක් සිදු කරන දිනයකි.

මිථුන

ලැබීම් අතින් යහපත් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් කර ගැනීමට අවස්ථාව සැලසෙන දිනයකි.

කටක

ලැබීම් අතින් යහපත් කරයි. එමෙන්ම අවිවේකී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතුවිය හැකිය.

සිංහ

යෝජනා ස්ථිරවීමක් කල්දැමීමට සිදුවෙයි. අසල්වාසීන් ඇසුරේදී කල්පනාකාරී වන්න. නොසිතූ ලෙස තමාට පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. උගුර ආශි‍්‍රත ආබාධයකින් පීඩා ඇති කරයි.

කන්‍යා

නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇතිවීමට ඉඩ ඇත. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරන දිනයකි.

තුලා

විශේෂ ගමනකට කටයුතු සැලසේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

වෘශ්චික

අසල්වාසීන් සමඟ ඇතිවන ගැටලුවක් දුරදිග යා හැකියි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් ද කටයුතු සිදු කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන දිනයකි.

ධනු

අමතර ආදායම් මාර්ගවලට කටයුතු උදා කරයි. දරුවකු වෙනුවෙන් හදිසි මුදලක් වැයකිරීමට සිදුවන දිනයකි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

මකර

නැති වූ දෙයක් නැවත හිමි කරයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු උදා කරයි. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසෙන දිනයකි.

කුම්භ

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් සහභාගිවීමට අවස්ථාව සැලසේ. අමතර දේ ඉගනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

මීන

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ඇවිදිලි වැඩිකරන කටයුතු කීපයක් සැලසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.