2024.03.07 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

මාර්තු 7, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.21
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - දහවල් 01.51 - 03.22
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකයි. ආහාර විෂවීමක් හෝ චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩාගෙනදෙන දිනයකි.

වෘෂභ

වගකීම් බහුල කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අලුත් හිතවතුන් ඇසුරට ලැබෙන දිනයකි.

මිථුන

විශේෂ සැලසුමකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. වරින් වර හදිසි මුදල් වැයවන කටයුතු කීපයක් යෙදේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.

කටක

පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ. එමෙන්ම ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

සිංහ

වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. වරින්වර ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අමතර ලැබීම් හිමි කරන දිනයකි.

කන්‍යා

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. විශේෂ පාඨමාලාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

තුලා

පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන දිනයකි.

වෘශ්චික

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර තමා ඇසුරු කරන අයකු සමඟ කල්පනාවෙන් පසුවන්න. හදිසි ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. වගකීම් බහුල දිනයකි.

මකර

ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර වැඩකටයුතු අධික කරන බවක් පෙනේ. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන දිනයකි.

කුම්භ

සමාජයේ ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.

මීන

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. නිතර දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවන දිනයකි. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.