2024.02.27 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 27, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.24
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - සවස 03.23 - 04.53
සුබ දිශාව - දකුණ

 

මේෂ

අමතර වගකීම් බහුල කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. වියදම් බහුල දිනයකි.

වෘෂභ

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. ආගමානුකූල ජීවිතයක් ගත කරන දිනයකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

මිථුන

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පපුවේ සෙම් ගතිය හේතුවෙන් පීඩා විඳින බවක් පෙනේ. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න.

කටක

වගකීම් බහුල කරයි. අතරමඟ නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදා කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති දිනයකි.

සිංහ

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. සහෝදර මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇත.

කන්‍යා

ශාස්ත්‍රීය කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි.නිතර ඇතිවන සෙම් ගතිය, උගුර ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපාන දිනයකි.

තුලා

ශාරීරික වෙනස්කම් බහුල කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත.

ධනු

පැවැති වෙහෙසකාරී බව මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. අලුත් දේ ඉගනීමට කටයුතු උදාකරයි. ඇසුරු කරන්නන් අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කරයි. ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.

මීන

සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා සිතේ සතුටින් දවස ගෙවන බවක් පෙනේ. අමතර ලැබීම් හිමිකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.