2024.02.21 බදාදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 21, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.26
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - දහවල් 12.24 - 01.54
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.

වෘෂභ

ගනුදෙනුවකින් නිදහස උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බවක් පෙන්නුම් කරයි.

මිථුන

සැලසුම් කීපයක් සකස්කර ගැනීමට කටයුතු උදා කරයි. පවුලේ අය අතර ප්‍රසිද්ධියට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි. නැති වූ දෙයක් නැවත හිමි කරන දිනයකි.

කටක

ලැබීම් අතින් යහපත් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. යටපත් වූ අසනීපයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි.

සිංහ

අමතර කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වගකීම් බහුල දිනයකි.

කන්‍යා

විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදු කරයි. එමෙන්ම ඇසුරු කරන්නන් අතර පි‍්‍රයතාවයට පත්වීමට කරුණු ඇති කරයි. ලැබීම් අතින් යහපත් කරයි.

තුලා

නිතර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. තමා හමුවට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. අසල්වැසි මත භේදයකට තුඩුදෙන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. නොසන්සුන්කාරී ලෙස කටයුතු සිදු කරන දිනයකි.

ධනු

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කටයුතු කීපයක් යෙදේ. අමතර ගමන් බහුලවන බවක් පෙන්නුම් කරයි. විශ්වාවන්ත කෙනකුගේ හමුවීමක් සිදු කරයි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. අමතර කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි.

කුම්භ

අලුත් අය දැන හඳුනා ගැනීමට මඟ සැලසේ. අමතර ආදායම් මාර්ග හිමි කරන කටයුතු කීපයක් යෙදේ. ගතට සිතට සැනසිල්ල උදා කරන දිනයකි.

මීන

අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි. පවුලේ සුහදතාවයට හේතු සැලසෙන කටයුතු කීපයක් යෙදේ. හිතවත් අයකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.