2024.02.14 බදාදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 14, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - දහවල් 12.25 - 01.54
සුබ දිශාව - උතුර

 

මේෂ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරන බවක් පෙනේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.

වෘෂභ

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. වාත වේදනාවකින් පීඩා විඳින දිනයකි.

මිථුන

වගකීම් බහුල කරයි. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන දිනයකි.

කටක

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. සමාජසේවා කටයුතුවලට යොමුවන දිනයකි.

සිංහ

පවුලේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. එමෙන්ම ඥාතීන් අතර සුහදතාවයට හේතු සැලසෙන බවක් පෙනේ. හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

කන්‍යා

ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

තුලා

සෙම් රෝග, බහුල කරන අතර නිතර ජලයෙන් පරිස්සම් විය යුතු බවක් පෙන්නුම් කරයි. දේපළ ගැටලුවකට මුහුණපාන දිනයකි. වෙනදාට වඩා පදිංචියෙන් පිට වාසයට කරුණු උදා කරයි.

වෘශ්චික

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ගතට සිතට සැනසිල්ල අඩුකරන දිනයකි.

ධනු

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. නිතර දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇති බවක් පෙනේ. නොසිතූ ලෙස හදිසි වියදමක් සිදුකරයි. දරුවකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ.

මකර

අවිවේකි වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට කටයුතු සැලසේ. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. නිතර සමාජ සේවා කටයුතුවලට සම්බන්ධවන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මීන

ලැබීම් අතින් යහපත් කරයි. අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. දේපළ ගැටලුවකට මුහුණපාන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.