2024.01.29 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 29, 2024
 
ඉර උදාව - පෙ.ව. 06.29 
ඉර බැසීම - ප.ව. 06.18 
රාහු කාලය - උදේ 07.57 - 09.26
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ
බාහිර වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දේපළ ගැටලුවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි. 
වෘෂභ 
වගකීම් බහුල කරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ සැකයෙන් කටයුතු සිදු කරන දිනයකි. 
මිථුන 
හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි බවක් පෙනේ. නීති සහන පතන දිනයකි. 
කටක 
වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු උදා කරන දිනයකි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. 
සිංහ 
නිතර ඇවිදිලි ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. යටිබඩ ආශි‍්‍රත ආබාධයක් හෝ මුත්‍රා ආබාධයක් මතුවිය හැකි දිනයකි. 
කන්‍යා 
ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගනීම වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. 
තුලා 
විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. මිහිරි ආහාරපාන භුක්ති විඳීමට කටයුතු  සැලසෙන දිනයකි. 
වෘශ්චික 
ඥාති හිතවතුන්ගෙන් ප්‍රශංසා හිමි කරයි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික වන බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි. 
 ධනු 
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. 
මකර 
අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල වන දිනයකි. අලුත්හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. 
කුම්භ 
පැවැති චංචලකාරී බව මඟ හැරී යන දිනයකි. නිතර සමාජසේවා කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි. 
මීන 
විශේෂ හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.