2024.01.27 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 27, 2024
 
ඉර උදාව - පෙ.ව. 06.29 
ඉර බැසීම - ප.ව. 06.17 
රාහු කාලය උදේ - 09.26 - 10.55 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
ගතට සිතට සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. 
වෘෂභ 
නැති වූ දෙයක් නැවත හිමි කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි. 
මිථුන 
ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. වෙනදාට වඩා පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. අලුත් හිතවතුන් ඇසුරට ලැබෙන දිනයකි. 
කටක 
මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනස් කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. 
සිංහ 
වගකීම් බහුල කරයි. විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. 
කන්‍යා 
ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි. 
තුලා 
වෙනදාට වඩා විමෝදයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. අලුත් මිලදී ගැනීමකට කටයුතු සැලසෙන දිනයකි. 
වෘශ්චික 
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් ගැටලු කීපයක් මතු කරයි. හදිසි වැටීම්, තැලීම්වලට ඉඩ ඇති බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. 
ධනු 
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් දිනයකි. 
මකර 
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර දරුවකු පිළිබඳ වෙහෙසීමට සිදුවන දිනයකි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා දිනයකි.
කුම්භ  
අලුත් බලාපොරොත්තු ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්වන හැකි බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති දිනයකි. රැකියාවේ කටයුතුවලින් සැපසුම් හිමිකරයි. 
මීන 
ගතට සිතට සැප පහසුව උදා කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර පින් දහම් කටයුතුවල නරතවන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.