2024.01.23 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 23, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.16
රාහු කාලය - සවස 03.19 - 04.48
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වගකීම් බහුල කරන දිනයකි. නිතර මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. යොදාගත් කටයුතු කීපයක් ප්‍රමාද කරන දිනයකි. සිතේ චංචල බවකින් කටයුතු උදා කරයි.

වෘෂභ

සැලසුමක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු දිනයකි. අසල්වාසීන් සමඟ සුහදතාවයට කරුණු සැලසේ. සෙම් රෝග, මූත්‍ර ආබාධ ආදිය හටගැනීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

මිථුන

එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පැරැණි හිතවත්කමක් අලුත්වන ලªණු පෙන්නුම් කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

කටක

නැති වූ දෙයක් නැවත හිමිවීමට හේතු ඇති කරයි. පවුලේ සමඟියට හේතු සැලසෙන දිනයකි. වාහන ගනුදෙනුවකින් වාසි සැලසෙන බවක් පෙනේ.

සිංහ

අමතර ගමන් බහුල කරන දිනයකි. පවුලේ වගකීමක් තමාපිට පැවරීමට ඉඩ ඇත. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි.

කන්‍යා

ධානමය කටයුත්තකින් සම්බන්ධ සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

තුලා

උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. විශේෂ ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට හැකිවන දිනයකි.

වෘශ්චික

මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනසකට ලක්කරන බවක් පෙනේ. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

ධනු

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන දිනයකි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

මකර

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙනේ. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරයි. රැකියාවේ ගැටලුවකින් නිදහස සැලසෙන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු කීපයක් අතපසු වීමට ඉඩ ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.