2024.01.08 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 8, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.25
ඉර බැසීම - ප.ව. 06.09
රාහු කාලය - උදේ 07.53 - 09.21
සුබ දිශාව - උතුර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි.

වෘෂභ

වෙනදාට වඩා වැයපස අධික කරයි. තැන්පත් ධනය වැයවීමට ද ඉඩ ඇත. නිතර ඇසුරු කරන අයකුගෙන් උපකාරයක් හිමි කරයි.

මිථුන

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. අමතර ආදායම් මාර්ග හිමිකරන මාර්ග කීපයක් යෙදේ.

කටක

සෙම් රෝග, පිත් රෝග නිසා පීඩාකාරී බවක් ඇති කරයි. එමෙන්ම ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ. ප්‍රභූ ඇසුරක් හිමි කරන දිනයකි.

සිංහ

විවාහ අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. මිහිරි ආහාරපාන හිමිකරන දිනයක් වන අතර, සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන බවක් පෙනේ.

කන්‍යා

උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා කරන දිනයකි. වෙනදාට වඩා අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර සැප පහසුවට කරුණු යෙදෙන බවක් පෙනේ.

තුලා

එදිනෙදා කටයුතු හේතුවෙන් විවේකය අඩුවන බවක් පෙන්නුම් කරයි. විවාහ පොරොන්දුවකට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අධ්‍යාපනික ජයග්‍රහණයකට හිමිකම් ඇති දිනයකි.

වෘශ්චික

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යන දිනයකි. ගෘහ ජීවිතයෙ කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි දිනයකි.

ධනු

පැවැති නොසන්සුන්තා මඟහැරී යයි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු දිනයකි. සහෝදර උපකාරයක් හිමිකරන බවක් පෙනේ.

මකර

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර සහන පතන දිනයකි.

කුම්භ

ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදා කරයි. නිතර පින්දහම් කටයුතුවල නිරත වන බවක් පෙනේ. ගතට සිතට සැනසිල්ල උදා කරන දිනයකි.

මීන

ස්වයං රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. නිතර හට ගන්නා වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගන්නා දිනයකි. හදිසි ගමන් පිළිබඳ අවධානයෙන් පසුවන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.