2024.01.05 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 5, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.23
ඉර බැසීම - ප.ව. 06.07
රාහු කාලය - උදේ 10.47 - 12.15
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

වෘෂභ

නිතර අලංකාර දේ කෙරෙහි ඇල්මක් දක්වන බවක් පෙනේ. ගේ දොර කටයුතු සම්බන්ධ පැවැති විවේකය අඩුකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි දිනයකි.

මිථුන

වගකීම් බහුල වන කටයුතු කීපයක් යෙදේ. නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

කටක

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නැති වූ දෙයක් නැවත හිමිකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

සිංහ

ඉක්මන් කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. හදිසි ගමනකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමිවන දිනයකි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපාන බවක් පෙනේ. නිතර ශාරීරික වෙහෙසීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරයි.

තුලා

ශරීර සැපපහසුවට කටයුතු සිදු කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. අසල්වැසි ඇසුරේ දී කල්පනාකාරී වන්න. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි.

ධනු

පින් දහම් කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවයි. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි. වරින්වර ඇති කෙරෙන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

මකර

වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ඇවිදිලි වැඩිකරන දිනයකි.

කුම්භ

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. විවේකය අඩුකරන කටයුතු කීපයක් යෙදේ.

මීන

උසස් අයගේ ඇසුරට පත්වීමෙන් එදිනෙදා කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙහෙසිය යුතු බවක් පෙනේ. හදිසි ගමනකට සැලසුමක් ඇති කරගන්නා දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.