වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
2024.01.02 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 06.22
ඉර බැසීම - ප.ව. 06.06
රාහු කාලය - සවස 03.10 - 04.38
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
තරමක ඉක්මන් බවකින් යුතුව කටයුතු කරයි. සුළු සුළු ලාභ ලැබෙන දිනයකි. පී‍්‍රතිය ගෙන දෙන ගමන් බිමන් ද යෙදෙන දිනයකි. තරමක ආත්මාර්ථ බවකින් යුතුව කටයුතු කිරීමටද බලනු ඇත.
වෘෂභ
බලාපොරොත්තු නොවූ වියදම් යෙදෙනු ඇත. අන් අය අතර තමා කෙරෙහි පැවැති ගෞරවය පිළිගැනීම අඩුව යයි. සිත් පීඩා ගෙන දෙන සිදුවීම්වලට මුහුණදීමටද සිදුවේ. බලාපොරොත්තු කඩවන දිනයකි.
මිථුන
සිතේ සැකයකින් යුතුව කටයුතු කරනු ඇත. මිල මුදල් ලැබීම් අඩුවන බවක් පෙනේ. දියුණුවට යම් යම් තීන්දු තීරණ ගන්නා නමුත් ඒවායින් එතරම් යහපතක් ඇති නොවේ.
කටක
ස්ථානගත වෙනසක් ඇතිවීමට කරුණු යෙදේ. ඉක්මන් කේන්ති යන ගතියක් ද ඇති කරයි. අධික වියදමක් දැරීමට සිදුවේ. පපුවේ සෙම ගතියක් බලපත්වනු ඇත. වතුරින් පීඩා ඇතිවිය හැකි දිනයක් බැවින් පරිස්සමින් කටයුතු කරන්න.
සිංහ
කරගෙන යන කටයුතුවලට බාධාගෙන දෙනු ඇත. බලාපොරොත්තු කඩවීම් මත සිත් තැවුල් ඇති කරයි. විනෝදයෙන් සිටීමට ඉඩ පහසුකම් ලැබුණත් සිතට සතුටක් ඇති නොවේ.
කන්‍යා
ගමන් බිමන්වලදී කරදර ගෙන දෙන දිනයකි. යම් අයකුගෙන් හෝ සේවකයකු ලවා වැඩක් කරවා ගැනීමට සිදුවේ. සිතේ සතුටට කරුණක් යෙදෙනු ඇත. යටිබඩ ආශි‍්‍රත පීඩා ද ඇති කරයි.
තුලා
සැපට නිදා ගැනීමට සිත්දෙනු ඇත. කලකින් හමු නොවූ අයකු හමුවේ. විනෝදයට සිත ඇදී යයි. මුත්‍රා අමාරුවක් හෝ දැවිදිලි ගතියක් ඇතිවේ.
වෘශ්චික
වෘශ්චික
සිතට සැකයක් ඇතිවේ. නිශ්ඵල ගමන් හෝ අධික වියදම් යෙදෙනු ඇත. අවුල් වියවුල් සහිත දිනයකි. ආහාර නොදිරවීමේ අපහසුතාවයක් හෝ මුත්‍රා අමාරු සෙම් අමාරු වැනි දෙයකින් පීඩා ඇතිවේ.
ධනු
තම ගෞරවයට නම්බුවට කැළල් ඇතිවනු ඇත. චෝදනා සිත් තැවුල් කණගාටු ගෙන දේ. මුදල් අතින් අග හිගකම් ඇතිවන බැවින් මිල මුදල් වියදම් කිරීමේ දී සැලකිලිමත් වන්න.
මකර
බලාපොරොත්තු ඉටුවීම මත සිතට සතුටක් දැනෙන අතර දියුණුවට ද කටයුතු සිදුවේ. හිතවතුන් පවා තමා ගැන සතුටුවනු ඇත. සාමාන්‍යයෙන් ශුභ දවසකි.
කුම්භ
කරන කියන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබෙන දිනයකි. වෙළඳාම් කටයුතුවල යෙදෙන අයට තම කටයුතුවල සාර්ථක බවක් දක්නට ලැබෙනු ඇත. පැවති කරදර අඩුව යයි. සිතට සැනසීම ඇතිවේ.
මීන
සිත්තැවුල් කණගාටු ඇති කරයි. වියදම් අධික වේ. නොකළ වැරදිවලට චෝදනා ඇසීමට සිදුවනු ඇත. තම අදහස් අනුව කටයුතු කිරීමට යාම නිසා කරදර ඇති වේ. ගමන් බිමන්වලදී පවා කරදර ගෙන දෙනු ඇත.