2023.12.26 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 26, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.19
ඉර බැසීම - ප.ව. 06.03
රාහු කාලය - සවස 03.06 - 04.34
සුබ දිශාව - දකුණ

 

මේෂ

පැරැණි හිතවත්කමක් අලුත්වීමෙන් කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවේ. නිතර තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. නිතර අන්අය අතරේ කැපී පෙනෙන දිනයකි.

වෘෂභ

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරන දිනයකි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා දනට පිනට ලැදි දිනයකි.

කටක

අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන බවක් පෙනේ.

සිංහ

කණ්ඩායම් වැඩසටහනක නායකත්වයක් ගැනීමට හැකිවන දිනයකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා කෑම බීම ගැනීම ගැන සැලකිලිමත් වන්න.

කන්‍යා

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ ජයග්‍රහණයකට හිමිකම් ඇති දිනයකි. නිතර පවුලේ අයගේ ප්‍රශංසා හිමිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. දුර ගමනක් වෙනුවෙන් සැලසුම් සකස් කර ගන්නා දිනයකි.

තුලා

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. දේපළ සම්බන්ධ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙන දිනයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි.

වෘශ්චික

සැලසුම් කීපයක් වෙනස්කරමින් දවස උදාකරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන දිනයකි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

ධනු

නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු සිදුකරයි. උදරාබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි.

මකර

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. එමෙන්ම ගනුදෙනුවක් හේතුවෙන් පාඩුවක් සිදුකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

කුම්භ

වෙහෙසකාරී කටයුතු කීපයක් වෙනුවෙන් කැපවීමට සිදුවෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. පවුලේ අය අතර මෙන්ම සමාජීය කටයුතුවලින්ද කැපී පෙනෙන දිනයකි.

මීන

තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.