2023.12.22 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 22, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.17
ඉර බැසීම - ප.ව. 06.00
රාහු කාලය - උදේ 10.40 - 12.09
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. අමතර වියදම් බහුලවන දිනයකි.

වෘෂභ

පවුලේ බැඳීම් වැඩිවන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

මිථුන

උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා තම රුපාලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. නිතර විසිතුªරු දේ මිලදී ගැනීමට පෙළඹෙන දිනයකි.

කටක

පවුලේ වගකීම් කීපයක් මඟහැරී යන බවක් පෙනේ. යෝජනා ස්ථිරවීමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. හදිසි දුර ගමනකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

සිංහ

පියපස ඥාතියකු පිළිබඳ සිතට දුකක් ඇති කරන කරුණු කීපයක් අසන්න ලැබේ. අමතර ආදායම් මාර්ගයකට අවහිරතා ඇතිවන බවක් පෙන්නුම් කරයි. හදිසි ජයග්‍රහණයකට හේතු ඇති කරයි.

කන්‍යා

හිතුමතයට කරන කටයුතු කීපයක් හේතුවෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. පවුලේ සැනසිල්ල තරමක් දුරට අඩුකරන බවක් පෙනේ.

තුලා

දුර ගමන් බහුල කරන බවක් පෙනේ. වරින් වර ඇති කරන පපුව ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. එහෙත් ව්‍යාපාර කටයුතුවලින් වාසි කීපයක් අත් කරයි.

වෘශ්චික

පවුලේ අය අතර බැඳීම් වැඩිකරන දිනයකි. වරින් වර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

ධනු

පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන බවක් පෙන්නුම් කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

මකර

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකවන දිනයකි. කල්ගතවූ ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

කුම්භ

ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට කටයුතු උදා කරයි. යටපත් වූ වාත අමාරුවක් නැවත මතුවන ලකුණු පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැනීම පිළිබඳ පරිස්සම් වන්න.

මීන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථකවන ලකුණු පෙනේ. වෙනදාට වඩා තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් හිතවත්කමකට මඟ සැලසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.