2023.12.21 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 21, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.17
ඉර බැසීම - ප.ව. 06.00
රාහු කාලය - දහවල් 01.36 - 03.04
සුබ දිශාව - උතුර

 

මේෂ

කලකින් නොදුටු හිතවතකු හමුවීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් පසුවන බවක් පෙනේ. වරින් වර ඇති කරන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

වෘෂභ

තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා විවේකය අඩුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. රක්තවාත රෝග අජීර්ණ ආබාධ ආදිය ඇතිවිය හැකි දිනයකි.

මිථුන

සතුරන් නිසා කරදර ඇති කරයි. දියුණුව පිළිබඳ අදහසක් ඇති කරයි. කලකින් නොදුටු අයකු මුණගැසීමට කටයුතු සැලසේ. ත්‍යාග පවා ලැබිය හැකි දිනයකි.

කටක

සුළු සුළු ලාභ හිමි කරන මාර්ග කීපයක් යෙදේ. නිතර තම තත්ත්වය උසස් කර ගැනීමට සිතයි. අන් අයගේ ගරු සැලකිලි හිමි කරන දිනයකි.

සිංහ

නිෂ්ඵල ගමන් යෙදෙන බවක් පෙනේ. මෙතෙක් පැවැති උනන්දුව අඩුව යන බවක් පෙන්නුම් කරයි . සිතේ චංචල බවකින් කටයුතු සිදුකරන දිනයකි.

කන්‍යා

වගකීම් බහුල කරමින් දවස ආරම්භ කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. දේපළ ලැබීමකට හේතු ඇති කරන දිනයකි.

තුලා

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

වෘශ්චික

කලබලකාරී ගතිපැවතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අමතර ලැබීම් හිමි කරන දිනයකි.

ධනු

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. වෙනදාට වඩා යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙන්නුම් කරයි. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

කුම්භ

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අජීර්ණ ආබාධයකින් පීඩා විඳින දිනයකි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට කටයුතු සැලසේ. පවුලට අලලුලුත් සාමාජිකයෙක් එක්වීමට ඉඩ ඇති දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.