2023.12.20 බදාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 20, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.16
ඉර බැසීම - ප.ව. 05.57
රාහු කාලය - දහවල් 12.07 - 01.35
සුබ දිශාව - උතුර

 

මේෂ

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා අතමිට සරු කරන දිනයකි.

වෘෂභ

ලැබීම් අතින් යහපත් කරයි. නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති දිනයකි.

මිථුන

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. ආගමික භක්තිය වැඩිකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී.

කටක

පවුලේ සුහදතාවයට හේතු ඇති කරයි. මෙතෙක් පැවැති අගහිගතා කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසේ. සෙම් ගතිය වැඩිවීමෙන් පීඩා ගෙන දෙන දිනයකි.

සිංහ

දුරදිග බලා තීරණ ගැනීම සුබදායක බවක් පෙන්නුම් කරයි. ව්‍යාපාර කටයුත්තකින් නොසිතූ පාඩුවක් සිදු කරයි. මවගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ.

කන්‍යා

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

තුලා

වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදු කරයි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු උදා කරයි. ඥාති හිතවතුන් හමුවීමට අවස්ථාව සැලසෙන දිනයකි.

වෘශ්චික

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙන්නුම් කරයි. වගකීම් බහුල දිනයකි.

ධනු

ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව ඇති කරන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පැවැති අසහනකාරී බවක් මඟහැරී යන දිනයකි.

මකර

ගතට සිතට නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. ආගමික නායකයන්ගෙන් පිහිට පතන දිනයකි.

කුම්භ

අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ. තනතුරු ලාභ හිමිකම් බලාපොරොත්තු විය හැකි දිනයකි.

මීන

අමතර ලැබීම් අතින් යහපත් කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදාකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.