2023.12.11 සඳුදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 11, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.11
ඉර බැසීම - ප.ව. 05.55
රාහු කාලය - උදේ - 07.39 - 09.07
සුබ දිශාව - දකුණ

 

මේෂ

වගකීම් බහුල කරයි. පැරැණි ඥාතියකුගේ හමුවීමක් සිදු කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇතිබවක් පෙනේ. අවිවේකී ලෙස දවස ගත කරන දිනයකි.

වෘෂභ

වගකීමකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

මිථුන

ලැබීම් අතින්, යහපත් බවක් පෙන්නුම් කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. යටපත් වූ උරහිසේ වේදනාවක් නැවත මතු කරයි.

කටක

ගතට සිතට වෙහෙසකාරී ලෙස දවස උදා කරයි. දේපළ ගැටලුවක් හේතුවෙන් වෙහෙසීමට සිදුවෙයි. සෙම් රෝග බහුල දිනයක් වන අතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ.

සිංහ

වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයකි. දුර බැහැර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

කන්‍යා

විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනේ. නිතර හටගන්නා පාදයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා කෑම බීම ගැනීම ගැන සැලකිලිමත් වන්න.

තුලා

නිතර විනෝදයෙන් කටයුතු කරන බවක් පෙනේ. නම ප්‍රසිද්ධවන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. අමතර වියදම් බහුල කරන දිනයකි.

වෘශ්චික

අවිවේකී ලෙස දවස උදා කරයි. නිකරුනේ කරන වියදම් වැඩි කරන බවක් පෙනේ. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන අතර, ප්‍රමාද වූ කටයුත්තක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි..

ධනු

මෙතෙක් කරගෙන ගිය කටයුතු කීපයකට බාධා ඇති කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

මකර

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙහෙස ඇති කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. වරින් වර මතු කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. නිතර ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

මීන

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා විලාසිතා වෙනුවෙන් අමතර මුදලක් වැය කරයි. විනෝදයට කටයුතු කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.