2023.11.06 බදාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 6, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.09
ඉර බැසීම - ප.ව. 05.53
රාහු කාලය - දහවල් 12.01 - 01.29
සුබ දිශාව - දකුණ

 

මේෂ

වෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදුකරයි. තෑගි බෝග හිමිවන දිනයකි.

වෘෂභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හේතු සැලසේ. විශ්වාසවන්ත බැඳීමකට කරුණු යෙදෙන දිනයකි.

මිථුන

පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ

කටක

නිතර හටගන්නා සෙම් රෝගයක් හේතුවෙන් අසහනකාරී බවක් ඇති කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. ආහාර නොදිරවීමේ ආබාධයකින් පීඩා විඳින දිනයකි.

සිංහ

කණ්ඩායම් වැඩසටහනක නායකත්වයක් ගැනීමට හැකිවන දිනයකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා කෑම බීම ගැනීම ගැන සැලකිලිමත් වන්න.

කන්‍යා

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ ජයග්‍රහණයකට හිමිකම් ඇති දිනයකි. නිතර පවුලේ අයගේ ප්‍රශංසා හිමිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. දුර ගමනක් වෙනුවෙන් සැලසුම් සකස්කර ගන්නා දිනයකි.

තුලා

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. දේපළ සම්බන්ධ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙන දිනයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි.

වෘශ්චික

සැලසුම් කීපයක් වෙනස්කරමින් දවස උදා කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන දිනයකි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

ධනු

නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු සිදුකරයි. උදරාබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි.

මකර

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. එමෙන්ම ගනුදෙනුවක් හේතුවෙන් පාඩුවක් සිදුකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරන දිනයකි.

කුම්භ

වෙහෙසකාරී කටයුතු කීපයක් වෙනුවෙන් කැපවීමට සිදුවෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි.පවුලේ අය අතර මෙන්ම සමාජීය කටයුතුවලින් ද කැපී පෙනෙන දිනයකි.

මීන

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.