2023.12.02 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 2, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.07
ඉර බැසීම - ප.ව. 05.52
රාහු කාලය - උදේ 09.03 - 10.31
සුබ දිශාව - උතුර

 

මේෂ

අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. ගෘහ ජීවිතයේ වගකීම් බහුල කරන බවක් පෙනේ. දුර ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. පැවැති පීඩාකාරී බව මඟහැරී යන දිනයකි.

වෘෂභ

නොසන්සුන්කාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ උරහිසේ වේදනාවක් නැවත මතු කරයි. හදිසි වියදමක් දැරීමට සිදුවන දිනයකි.

මිථුන

ශාස්ත්‍රීය කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන දිනයකි.

කටක

විශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරයි.

සිංහ

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා කේන්ති යන ස්වාවයකින් කටයුතු සිදුකරයි. ඥාතීන් මෙන්ම හිතවතුන්ගේ ප්‍රසාදයට පත්වන දිනයකි.

කන්‍යා

නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වරින් වර ඇති කරන හිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

තුලා

සැලසුම් කීපයක් වෙනස් කරමින් දවස උදා කරයි. පවුලේ වැඩිහිටියකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර තම අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

වෘශ්චික

වගකීම් බහුල කරයි. නොසන්සුන්කාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා දුරදිග සිතාබාල කටයුතු කළයුතු බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි.

ධනු

ගතට සිතට සැනසිල්ල උදා කරයි. අමතර මුදල් හිමිකරන මාර්ගයක් යෙදීමට ඉඩ ඇත. මවට හෝ මවුපස ඥාතියකට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. තීන්දූ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

මකර

පවුලේ සතුට සමාදානයට බාධා ගෙන දෙන බවක් පෙනේ. නිතර ඇසුරු කරන අයකු සමඟ ගැටලුකාරී බවක් ඇති කර ගනී. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි.

කුම්භ

යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කරන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.

මීන

හදිසි ගමනකට සම්බන්ධවීමට සිදුවන දිනයකි. අමතර ආදායම් මාර්ග කීපයකට යොමුවීමට අවස්ථාව සැලසේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදුකරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.