2023.11.24 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 24, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - උදේ 10.28 - 11.57
සුබ දිශාව - උතුර

 

මේෂ

ගතට සිතට පීඩාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. කල්ගත වූ ගනුදෙනුවක් ඉටුකර ගත හැකි වෙයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.

වෘෂභ

තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර ගේ දොර අලංකාරයට කටයුතු සැලසේ. වගකීම් බහුල දිනයකි.

මිථුන

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වරින් වර ඇති කරන මුත්‍රා අමාරුවක් හෝ පපුවේ දැවිලි ගතියක් හේතුවෙන් පීඩා අත්කරයි.

කටක

විශ්වාස බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. කලකින් නොදුටු හිතවතකු හමුවීමට කටයුතු උදාකරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන දිනයකි. ව්‍යාපාර කටයුතුවලින් අතමිට සරුකරන බවක් පෙනේ.

කන්‍යා

පවුලට යන එන කෙනකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

තුලා

නිතර අලංකාර දේ මිලදී ගැනීමට වෙහෙසෙන බවක් පෙනේ. ගැටලු කීපයක් මඟහැරී යාමෙන් සිතට සැහැල්ලුවක් ඇති කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට හැකිවන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරයි. වරින් වර ඇති කරන කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

ධනු

මනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. නොසිතූ දෝෂාරෝපණයකට ලක්වන දිනයකි.

මකර

තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි. ගෘහ ජීවිතයේ වගකීම් කීපයක් තමාවෙත පැවරේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

කුම්භ

අතමිට මුදල් ඉතිරි කර ගැනීමට කටයුතු උදාකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට කටයුතු උදාකරයි.

මීන

අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. පැවැති උදාසීන ගති මඟහැරී යයි. වාහන ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.