2023.11.20 සඳුදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 20, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - උදේ 07.30 - 08.59
සුබ දිශාව - දකුණ

 

මේෂ

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. පවුලේ කටයුතු පිළිබඳ වගකීම් වැඩිකරන බවක් පෙනේ. නොදැන කරන වරදක් හේතුවෙන් පාඩුවක් සිදුකරයි.

වෘෂභ

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු සැලසෙන දිනයකි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

මිථුන

පවුලේ කටයුතු පිළිබඳ දුරදිග බලා තීරණ ගන්නා දිනයකි. ඉදිරි සැලසුම් කීපයක් වෙනසකට ලක්කරයි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කටක

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසුණත් වැයපස

අධිකවීමට ඉඩ ඇත. දරුවකුගේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

සිංහ

අවිවේකී ලෙස දවස උදාකරයි. ශරීර සැපපහසුවට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන දිනයකි.

කන්‍යා

සිතේ සැකයෙන් කටයුතු සිදුකරයි. කරදර බාධා සිත්තැවුල් බහුල කරන දිනයකි. කලකින් මුණ නොගැසුණු කෙනෙකු හමුවීමට මඟ සැලසේ.

තුලා

නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. නිෂ්ඵල ගමන් යෙදිය හැකි බවක් පෙනේ. ආදායම් මාර්ගවලට බාධාගෙන දෙන දිනයකි.

වෘශ්චික

නිවෙසින් පිට වාසයට හේතු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි.

ධනු

වෙනදාට වඩා හුදකලාව කටයුතු කිරීමට සිත්දෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට සිදුවේ. සහෝදර උපකාර හිමිකරන දිනයකි.

මකර

ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව අඩුව යන බවක් පෙනේ මව හෝ මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් ඇතිකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

කුම්භ

දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි. මුත්‍රා අමාරුවක් හේතුවෙන් පීඩා විඳින බවක් පෙනේ. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.

මීන

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. විදෙස් ලැබීමකට හෝ වැඩිහිටියෙකුගෙන් ත්‍යාගයක් හිමිවීමට ඉඩ ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.