2023.11.15 බදාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 15, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 05.49
රාහු කාලය - දහවල් 11.55 - 01.24
සුබ දිශාව - දකුණ

 

මේෂ

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි.

වෘෂභ

යෝජනා ස්ථිරවීමක් කල් දැමීමට සිදුවෙයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

මිථුන

ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නිතර විනෝදයෙන් කටයුතු සිදු කරන දිනයකි.

කටක

අවිවේකී ලෙස දවස උදා කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් යෙදේ. විදෙස් ලැබීම්වලට හිමිකකම් ඇති බවක් පෙන්නුම් කරයි.

සිංහ

ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. දුර ගමනක් පිළිබඳ තීරණයක් ගන්නා දිනයකි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති බවක් පෙනේ.

කන්‍යා

ශාස්ත්‍රීය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා වියදම් පක්ෂය බහුල කරන බවක් පෙනේ. යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරන දිනයකි.

තුලා

ගතට සිතට සැනසිල්ල උදා කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වැඩිහිටි අයගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සිදුකර ගන්නා දිනයකි.

වෘශ්චික

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. ආහාර නොදිරවීමේ ආබාධයකින් පීඩා විඳින බවක් පෙනේ.

ධනු

සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. අමතර ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. තැන්පත් ධනය වැයවන දිනයකි.

කුම්භ

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. නිතර නිවෙසින් පිට වාසයට කරුණු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරන දිනයකි.

මීන

අමතර ලැබීම් හිමිවන කටයුතු කීපයක් යෙදේ. දරුවකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. විවාහ භෝජනාවක් සාර්ථක වන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.