2023/11/14 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 14, 2023

 

ඉර උදාව – පෙ.ව. 6.00
ඉර බැසීම – ප.ව. 05.49
රාහු කාලය – දහවල් 02.51 -04.20
සුබ දිශාව – උතුර

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. සැප පහසුව ඇතිව කටයුතු කිරීමට සිතන දිනයකි. පී‍්‍රතිමත් ගමනකට කටයුතුª සූදානමක් ඇති කර ගනී. ආගමික නායකයන්ගේ සහය පතන දිනයකි.

වෘෂභ

මහන්සි වී යම් වැඩක් කිරීමට සිතන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියන්ගෙන් උපකාර හිමි කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරන දිනයකි.

මිථුන

එදිනෙදා කටයුතුª සම්බන්ධ වගකීම් වැඩි කරයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. ගේදොර වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. තුනටියේ ආබාධයකින් පීඩා විදින දිනයකි.

කටක

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් දිනයකි.

සිංහ

ගතට සිතට පීඩාකාරි බවක් ඇති කරයි. නිතර හුදකලාව කටයුතු කිරීමට සිතයි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. වගකීම් වැඩි කරන දිනයකි.

කන්‍යා

මහන්සි වී යම් වැඩක් සිදු කිරීමට සිතන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන ලෙස කටයුතු කීපයක් සිදු කරයි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් මුල්තැනක් ගෙන කටයුතු කරයි.

තුලා

හිතුවක්කාර ලෙස කටයුතු කීපයක් සිදු කරයි. නිතර පදිංචියෙන් පිට දවස ගත කිරීමට කටයුතු යෙදේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව යෙදෙන දිනයකි.

වෘශ්චික

නිතර සිතේ සැකයෙන් කටයුතු සිදු කරයි. වැඩිහිටියකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි.

ධනු

අලුත් බලාපොරොත්තු ඇති කරයි. පැවැති වගකීමකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. අලුත් ආදායම් මාර්ගයකට කටයුතු සැලසේ. සහෝදර පක්ෂයෙන් උපකාර හිමිවන දිනයකි.

මකර

ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික කරයි. නිතර හට ගන්නා කොන්දේ වේදනාවකින් පීඩා විදීමට සිදු වෙයි. අමතර වියදම් බහුල කරන දිනයකි.

කුම්භ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්කරන දිනයකි.

මීන

ශාරිරික වෙහෙසීම් වැඩි කරයි. ගේ දොර උනන්දුව අඩුව යන බවක් පෙනේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.