2023.10.09 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 9, 2023

 

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 05.49
රාහු කාලය - දහවල් 01.22 - 02.52
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

ගතට සිතට තරමක් දුරට සැනසිලිදායක බවක් ඇති කරන බවක් පෙනේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු උදා කරන දිනයකි. විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සහභාගිවීමට අවස්ථාව උදාකරයි.

වෘෂභ

අවිවේකී ලෙස දවස උදා කරයි. ළඟම හිතවතකු වෙනුවෙන් වෙහෙසීමට කටයුතු සැලසේ. හදිසි ගමනකට සහභාගිවීමට සැලසුමක් ඇතිකර ගනී. අඹුසැමි විශ්වාසය බිඳ වැටීමට හේතු ඇති කරයි.

මිථුන

නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට හේතු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු වීමට ඉඩ ඇත. පවුලේ අයගේ ප්‍රසාදයට හේතු සැලසෙන දිනයකි.

කටක

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වගකීම් බහුලවන දිනයකි.

කන්‍යා

පැවැති ආදායම් මාර්ගවලට අවහිරතා ඇති කරයි. ලිපි ලේඛන ගැටලුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි. වරින් වර ඇතිකරන වාත වේදනාවකින් පීඩා අත්කරයි.

තුලා

පැවැති අසහනකාරී බව මඟහැරී යයි. පොරොන්දු ගිවිසුමක් වෙනස් කිරීමට සිදුවන දිනයකි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ.

වෘශ්චික

වරින් වර ඇති කරන ඇඟේ පතේ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. යටපත් වූ අසනීපයක් නැවතත මතු කරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

ධනු

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු උදාකරයි. හිස ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

මකර

පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. විදෙස් ගමනක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර සිතේ කලබල ගතියෙන් යුතුව කටයුතු කරයි.

කුම්භ

එදිනෙදා කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගේ දොර කටයුතු සම්බන්ධ අපිලිවලක් ඇති කරයි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන දිනයකි.

මීන

සිතේ පී‍්‍රතියට කරුණු ඇති කරයි. සැළසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවන බවක් පෙනේ. සතුරු කරදරයකින් පීඩා විඳීමට සිදුවේ. විවේකය අඩුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.