2023/10/07 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 7, 2023

 

ඉර උදාව පෙ.ව. 05.59
ඉර බැසීම ප.ව. 05.50
රාහු කාලය දහවල් - 02.52 04.21
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

නොසන්සුන්කාරී ලෙස කටයුතු කීපයක් සිදු කරන දිනයකි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැළසෙන දිනයකි.

වෘෂභ

ගතට සිතට සතුට සැනසීම උදා කරයි. පැවැති වගකීමකින් නිදහස අත්කරන දිනයකි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුව වැඩි කරයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

මිථුන

ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මග සැලසේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

කටක

විශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරන බවක් පෙනේ. අලුත් දේ මිලදී ගැනිමට අවස්ථාව සැලසෙන දිනයකි.

සිංහ

අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. ශාස්තී‍්‍රය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනෛ්.

කන්‍යා

අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර ගමන් බහුල දිනයකි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා විමසිල්ලෙන් පසුවන්න. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

තුලා

නිතර විනෝදයෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. පැවැති අසනීපයකින් සුවය හිමිකරයි.

වෘශ්චික

අවිවේකී ලෙස දිනය උදා කරයි. මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුල් අත්කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලගන්න. හදිසි සෙම් අමාරුවකින් පීඩා අත්කරයි.

ධනු

ගතට සිතට සැනසිල්ල උදා කරන සතියකි. පවුලේ අයගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. නිතර යෙදෙන ගමන් ගැන සැළකිලිමත් වන්න. විදෙස් ලැබීම්වලට ඉඩ ඇති බවක් පෙනේ.

මකර

පවුලේ කටයුතු වලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන දිනයකි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. නිතර විසිතුරු දේ පිළිබඳ උනන්දුවක් දක්වන දිනයකි.

 

කුම්භ

අමතර වෙහෙසීම් බහුල කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. ආගමික වැඩසටහනක් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන දිනයකි.

මීන

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වෙහෙස බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.