2023.10.29 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 29, 2023

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.51
රාහු කාලය - සවස 04.21 - 05.51
සුබ දිශාව - දකුණ

මේෂ

විශේෂ වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ශරීර සැප පහසුවට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

වෘෂභ

ආදායම් තත්ත්වයේ වෙනස්කම් කීපයක් සිදුකරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. අදහස් ඉටුකර ගැනීමට වෙහෙසක් දැරිය යුතු දිනයකි.

මිථුන

භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නිතර විනෝදයට බරව කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ අය අතර මෙන්ම සමාජයේද ප්‍රසිද්ධියට හේතු ඇති කරයි.

කටක

වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන දිනයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. උත්සාහය උනන්දුව අඩුකරන දිනයකි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. පාදයේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයකි.

කන්‍යා

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට කටයුතු උදාකරයි. නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු අධික කරන දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දරණ බවක් පෙනේ.

තුලා

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. ප්‍රමාද වූ තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කරන දිනයකි. නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

ධනු

පැවැති බාධාකාරී කටයුතු කීපයක් මඟහැරී යයි. රැකියා ස්ථානයේ සුළු සුළු ගැටලු මතුවීමට ඉඩ ඇත. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසෙන බවක් පෙනේ.

මකර

නොසිතූ පාඩුවක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු දිනයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ.

කුම්භ

මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවෙලක් සාර්ථක කර ගැනීමට හේතු ඇති කරයි. දූදරු සමඟියට මඟ සැලසෙන දිනයකි. නිතර අසුරු කරන අයකුගෙන් කරදරකාරී බවක් ඇති කරයි.

මීන

විශේෂ වැඩ සටහනකට සම්බන්ධවීමට කටයුතු උදාකරයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන දිනයකි. අතමිට මුදල් ගැවසෙන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇති බවක් පෙනේ.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.