2023.10.21 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 21, 2023

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - උදේ 08.56 - 10.26
සුබ දිශාව - දකුණ

 

මේෂ

සැනසිලිදායක බව මඟහැරී යන දිනයකි. සහෝදර පක්ෂය සමඟ ඇතිකර ගන්නා ගැටලුකාරී බවක් දුරදිග යයි. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. දුරදිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ.

වෘෂභ

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ. විවාහ පොරොන්දුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

මිථුන

පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකට අතගැසීමට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි. ශරීර සෞඛ්‍යයට බාධා වන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත.

කටක

ලැබීම් අතින් යහපත් කරයි. නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

සිංහ

හදිසි සැලසුමකට අත ගැසීමට සිදුවන බවක් පෙනේ. නිතර සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන කටයුතු කීපයක් සිදුකරයි. දේපළ ගැටලුවකට මුහුණපාන බවක් පෙනේ. නොසිතූ අලාභයක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

කන්‍යා

උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ. පැවැති ආදායම් මාර්ගවලට අවහිරතා මතු කරයි. අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ.

තුලා

සැලසුම් කීපයක් සාර්ථක කරයි. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන දිනයකි.

වෘශ්චික

තීන්දු තීරණවල වෙනසක් සිදුකරයි. අලුත් බැඳීම්වලට හේතු ඇති කරන බවක් පෙනේ. නොසැලකිලිමත්කම හේතුවෙන් පාඩු කීපයක් සිදුකරයි. යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු

පැවැති අසහනකාරී කටයුතු කීපයකින් නිදහස අත්කරයි. දරුවකු නිසා සතුටට පත්විය හැකි බවක් පෙනේ. අමතර ලැබීම්වලට හිමිකම් ඇති දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි.

මකර

ගතට සිතට සැනසිල්ල අඩුකරන බවක් පෙනේ. ඉක්මන් කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසි කීපයක් සිදුකරයි. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ආගමික සහන පතන දිනයකි.

කුම්භ

පවුලේ බැඳීම්වලට බාධාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. වරින් වර හදිසි සෞඛ්‍ය

පරීක්ෂණවලට ලක්වීමට සිදුවන බවක් පෙනේ. සමාජ සේවා කටයුතුවලින් ප්‍රශංසා හිමිකරන දිනයකි.

මීන

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යන බවක් පෙනේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීට සිදුවන දිනයකි. පැවැති වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.