2023.10.14 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 14, 2023

ඉර උදාව - පෙ.ව. 05.57

ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - උදේ 08.56 - 10.27
සුබ දිශාව - දකුණ

 

 

මේෂ

පවුලේ අය අතර සුහදතාවයට කරුණුූ ඇති කරයි. උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා දිනයකි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ.

වෘෂභ

ලැබීම් අතින් යහපත් දිනයකි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. නිතර තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

මිථුන

නීති කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. අතමිට සරු වුවත් වැයපස අධික වන බවක් පෙනේ. දරුවකුගේ කටයුතු පිළිබඳ විමිසිලිමත් වන්න.

කටක

නිතර ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. ළඟම හිතවතකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

සිංහ

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරයි. නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර දානමය පින්කමට සැලසුමක් ඇති කර ගනී. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා ගෙන දෙන බවක් පෙනේ.

කන්‍යා

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. තම වාසියට කටයුතු කීපයක් සිදුකර ගන්නා දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි.

තුලා

විශ්වාස වන්ත ඇසුරකට කටයුතු උදා කරයි. ආගමික උත්සවයකට සහභාගිවීමට අවස්ථාව සැලසේ.නිතර ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ. වෙනදාට වඩා වගකීම් බහුලවන දිනයකි.

වෘශ්චික

උසස් අයගේ ඇසුරට කටයුතු උදාකරයි. එහෙත් තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. හදිසි ලාබයකට හිමිකම් ඇති දිනයකි.

ධනු

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි. හදිසි ගමනකට සහභාගිවීමට කටයුතු උදා කරයි. නිතර දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

මකර

හිතුමතයට කටයුතු කිරීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික කරන දිනයකි.

කුම්භ

අවිවේකී ලෙස දවස උදා කරයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වයි. සිත් කලකිරීමක් ඇතිවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

මීන

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීම් බහුලවන දිනයකි. අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසේ. විදෙස්ගත සැලසුමකට පවුලේ අයගෙන් අතහිත ලැබෙන බවක් පෙනේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.