2023.10.07 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 7, 2023

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 05.59
රාහු කාලය - උදේ 08.58 - 10.28
සුබ දිශාව - දකුණ

මේෂ

පවුලේ අය අතර, ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා වැඩ කටයුතු අධික කරන දිනයකි. විශේෂ හිතවත්කමකට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. හදිසි උදරාබාධයකට ප්‍රතිකාර පතයි.

වෘෂභ

අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි. පැවැති වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. නිතර සිතේ සැහැල්ලුවෙන් දවස ගත කරයි. හදිසි තීරණයක් හේතුවෙන් කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවේ.

මිථුන

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා පොත්පත් ලිපිලේඛන කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. අසරණ කෙනකු වෙනුවෙන් පිහිට වීමට කටයුතු උදා කරන දිනයකි.

කටක

නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක ලෙස කටයුතු කීපයක් සිදුකරන දිනයකි.

සිංහ

යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. අමතර මුදල් වැයවීම් සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

කන්‍යා

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි.

තුලා

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. එහෙත් දරුවකුගේ කටයුතු නිසා සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. හිතුවක්කාර ලෙස කටයුතු කීපයක් සිදුකරන දිනයකි. හදිසි අජීර්ණ ආබාධයකට හේතු ඇති කරයි.

වෘශ්චික

ගැටලුකාරී ලෙස එදිනෙදා කටයුතු සිදුකරයි. පවුලේ අය අතර සිත් අමනාපයකට තුඩුදෙන කරුණු ඇතිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න. වගකීම් කීපයක් පැහැර හැරීමක් සිදුකරයි.

ධනු

විශේෂ හිතවත්කමකට කටයුතු සැලසෙන දිනයකි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ශරීර සෞඛ්‍යය එතරම් දුරට යහපත් නොවන දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. ගනුදෙනුවලදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. නිතර යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

කුම්භ

මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. සමාජයෙන් ප්‍රසිද්ධිය ඇතිකරන දිනයකි.

මීන

අවිවේකී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරන බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.