2023.09.26 අඟහරුවාදා - - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 25, 2023

 

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.05
රාහු කාලය - සවස 03.03 - 04.34
සුබ දිශාව - දකුණ

 

මේෂ

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් මතු කරන දිනයකි. නිතර සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන බවක් පෙනේ. වෙහෙසකාරී ගමන් කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

වෘෂභ

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් පිළිබඳ අදහසක් ඇති කර ගනී. නිතර වියදම් වැඩිවන අන්දමේ කටයුතු කිපයක් යෙදීමට ඉඩ ඇත.

මිථුන

හිතුමතයට කටයුතු කරන බවක් පෙනේ. නිතර පවුලේ අය වෙනුවෙන් කැප වී කටයුතු කරන දිනයකි. දරුවකුගේ කටයුතු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ.

කටක

සෙම් රෝග, පිත් රෝග නිසා පීඩාකාරී බවක් ඇති කරයි. එමෙන්ම නිතර ජලය සම්බන්ධ කටයුතුවලින්ද පරිස්සම් වීම වැදගත් වේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.

සිංහ

වෙනදාට වඩා අතමිට සරු කරන දිනයකි. පවුලේ වගකීමක් තමාවෙත පැවරීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. මිහිරි ආහාර පාන හිමිකරන දිනයක් වන අතර, සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන බවක් පෙනේ.

කන්‍යා

උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා කරන දිනයකි. වෙනදාට වඩා අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර සැප පහසුවට කරුණු යෙදෙන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි.

තුලා

එදිනෙදා කටයුතු හේතුවෙන් විවේකය අඩුවන බවක් පෙන්නුම් කරයි. විවාහ පොරොන්දුවකට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. අධ්‍යාපනික ජයග්‍රහණයකට හිමිකම් ඇති දිනයකි.

වෘශ්චික

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යන දිනයකි. ගෘහ ජිවිතයේ කටයුතු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ.

ධනු

පැවැති නොසන්සුන්තා මඟහැරී යයි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු දිනයකි. සහෝදර උපකාරයෙන් කටයුතු කීපයක් සිදුකරගැනීමට හැකිවන බවක් පෙනේ.

මකර

හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. එමෙන්ම ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි.

කුම්භ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර ආගමික සහන පතන දිනයකි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථකවන ලකුණු පෙනේ.

මීන

ලැබීම් අතින් යහපත් කරයි. වෙනදාට වඩා අතමිට සරුවන ආදායම් මාර්ග හිමිකරයි. නිතර ඇතිවන වාද වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වාහන ගමන් අධික කරන දිනයකි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.