2023.09.25 සඳුදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 25, 2023

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.06
රාහු කාලය - උදේ 07.29 - 09.01
සුබ දිශාව - දකුණ

මේෂ

විශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. ණය ගනුදෙනුවක් විසඳී යන දිනයකි. අලුත් හිතවතකු දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ.

වෘෂභ

වගකීම් බහුල කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. හදිසි ලැබීම්වලට හිමිකම් ඇති කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි.

මිථුන

මෙතෙක් පැවැති පීඩාකාරී බව මඟහැරී යන දිනයකි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර ආගමික නායකයන්ගේ පිහිට පතන බවක් පෙනේ. යටපත් වූ උරහිසේ වේදනාවක් නැවත මතු කරයි.

කටක

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකවන බවක් පෙනේ. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

සිංහ

ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. මෙතෙක් මානසික අසහනය ගෙන දුන් ගැටලු කීපයකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. නිතර විනෝදයෙන් කටයුතු කිරීමට සිතන දිනයකි.

කන්‍යා

වෙනදාට වඩා පවුලේ කටයුතු සම්බන්ධ උනන්දුව ඇති කරයි. පවුලේ බැඳීම් වැඩිවන දිනයකි. රාත්‍රී ගමන් බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.

තුලා

අමතර වියදම් බහුල කරයි. යොදාගත් සැලසුමක් සාර්ථක වන බවක් පෙනේ. තමා ළඟින් ඇසුරු කරන අයකුගේ් දුරස්වීමක් සිදු වුවත්, අලුත් හිතවතුන් දැන හඳුනාගැනීමට කටයුතු සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. නිතර ගතට සිතට චංචල බවක් ඇති කරයි.

ධනු

පවුලේ අය අතර හොඳහිත දිනා ගැනීමට කටයුතු උදාකරයි. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් අති කර ගනී. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි.

මකර

මනසට අසහනකාරී සිතිවිලි ඇති කරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. මිල මුදල් සම්බන්ධ තරමක කරදරකාරී බවක් ඇති කරයි. අන් අයගේ උදව් උපකාර හිමි කරන දිනයකි.

කුම්භ

නිතර ශාරීරික වෙහෙසීම් අධික කරන දිනයකි. දරුවකු වෙනුවෙන් වෙනදාට වඩා කැපවී කටයුතු කිරීමට සිදුවේ. නිතර ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

මීන

හිතවත් අයකුගේ අමනාපයක් සිදුවිය හැකි දිනයකි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.