2023.09.21 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 20, 2023

ඉර උදාව පෙ.ව. 06.00
ඉර බැසීම – ප.ව. 06.08
රාහු කාලය – දවල් 01.35 -03.06
සුබ දිශාව – උතුර

මේෂ

පවුලේ කටයුතු කෙරෙහි විමසිලිමත් විය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා වගකීම් වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වරින් වර ඇති කරන අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරයි. හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන දිනයකි.

වෘෂභ

ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ සැලසුම් කීපයක් ඇති කර ගනී. නිතර අලංකාර දේ මිලදී ගැනීමට වෙහෙසෙන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි. පවුලේ අයගේ ප්‍රශංසාවට ලක් කරයි.

මිථුන

ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන දිනයකි. නිතර අලුත් දේ ඉගෙනීමට මෙන්ම අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසක් ඇති කරයි. තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

කටක

මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරයි. ජලයෙන් පීඩා විය හැකි දිනයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. ගේ දොර සැප පහසුව පිළිබද වෙහෙසෙන බවක් පෙනේ. සමාජ ඇසුරට යොමුවන දිනයකි.

සිංහ

ගේ දොර වගකීම් බහුල කරයි. සහෝදරයකු සමඟ ඇතිවන ගැටලුකාරි බවක් දුර දිග යයි. නිතර වැයපස අධිකවන දිනයකි. අසල්වැසියන් සමඟ සිදු කරන බහින් බස්වීමක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි.

කන්‍යා

හිතවත්කම් අලුත් කරන දිනයකි. නිතර පියපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ආගමික සැලසුමක් හේතුවෙන් දුර පළාතකට යාමට හේතු ඇති කරයි. ප්‍රමාදවු ණය ගනුදෙනුවක් විසඳා ගැනීමට මඟ සැලසේ.

තුලා

සැළසුම් සහගත කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නිතර පවුලට යන එන කෙනකු පිළිබද සැලකිල්ලෙන් කටයුතු කරන්න. වගකීම් බහුල වන දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

වෘශ්චික

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නිතර කේන්තියන ස්වභාවයකින් කටයුතු කරන බවක් පෙනේ. හදිසි තීරණයක් තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි.

ධනු

මනසට පිඩාකාරි සිතිවිලි ඇති කරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබද සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවේ. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. දුර ගමනකට සැලසුමක් ඇති කර ගනී.

මකර

වගකීම් බහුල වන දිනයකි. මෙතෙක් යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාද කිරීමට සිදුවේ. නිතර සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බලන්න.

කුම්භ

ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධිකයි. නොසිතූ දෝෂාරෝපණයකට ලක්වීමට ඉඩ ඇත. සමාජීය කටයුතු හේතුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ.

මීන

වෙනදාට වඩා උදාසීන ලෙස කටයුතු ආරම්භ කරයි. යටපත් වූ සෙම් රෝගී තත්ත්වයක් නැවත මතු කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සංවිධානය වන දිනයකි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරන බවක් පෙනේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි.

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.